• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 වසර වෙනුවෙන් ජාතික රක්ෂණ භාර අරමුදල සඳහා ප්‍රතිරක්ෂණ ආවරණය (නැවත - ප්‍රතිරක්ෂණය)
- ශ්‍රී ලංකාවේ සියලුම රක්ෂණ සමාගම් සිය ප්‍රතිරක්ෂණ අවශ්‍යතාවලින් 30%ක් ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් සලසා ගැනීම අනිවාර්ය වේ. එලෙස සපයනු ලබන ප්‍රතිරක්ෂණ ආවරණය තුළින් පැනනැඟිය හැකි කවර හෝ අසාමාන්‍ය හානියක් හේතු කරගෙන ජාතික රක්ෂණ භාර අරමුදලට භාර ගැනීමට සිදුවන අවදානම් අවම කරගැනීමේ අරමුණින් විදේශීය ප්‍රතිරක්ෂණ සමාගම්වලින් ප්‍රතිරක්ෂණ ආවරණයක් ලබාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.