• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සඳහා මහල් 07කින් යුක්ත නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
- සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු වැඩිදියුණු කිරීම මඟින් මහජනතාවට සෞඛ්‍යසම්පන්න ජිවිතයක් ළඟා කරගැනීමට සහාය වීම සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රධාන කාර්යභාරයයි. ඒ සඳහා විවිධ ආයතන සමඟ එක් වී සෞඛ්‍ය අධ්‍යාපනික දැනුවත් කිරීමේ වැඩසටහන් එම ආයතනය විසින් පවත්වාගෙන යනු ලබයි. එම ආයතනයේ කටයුතු වඩාත් විධිමත්ව පවත්වාගෙන යාමට හැකි වනු පිණිස ප්‍රමාණවත් ඉඩකඩ සහිත ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.