• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ යෝජිත වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදි කිරීම
- වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්‍රධානතම රෝහල වන හලාවත මහ රෝහල හලාවත ජනතාවට මෙන්ම අවට ජනතාවටද රෝගී සත්කාරක සේවා සපයනු ලබයි. එම රෝහලින් ප්‍රතිලාභ ලබන ජනතාවට නවීන පහසුකම්වලින් සමන්විත ගුණාත්මක සේවාවක් සපයා දීම සඳහා රුපියල් මිලියන 696ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ නව වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය)රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.