• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩකලපුව ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම
- මඩකලපුව ‍ගුවන්තොටුපළ වාණිජමය මගී සේවා සඳහා සංවර්ධන කිරීමේ අරමුණින් ගුවන්යානා පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීම, ගුවන්යානා ධාවන පථය, ගුවන්යානා බැහැරුම් පථය සහ ගඟන යාත්‍රාංගණය අලුත්වැඩියා කිරීම සඳහා පසුගිය කාලයේදී ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති නමුත් එහි වැඩ කටයුතු මෙතෙක් අවසන් වී නොමැත. අදාළ ඉදි කිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා එම කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.