• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්පාර දිස්ත්‍රික්කයෙහි යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ සුබසිද්ධිය සඳහා වන ව්‍යාපෘතිය
- මඩකළපුව දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන් උදෙසා ඉන්දීය රජයේ සහාය ඇතිව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන ඉතාමත් සාර්ථක වී ඇති අතර, එම කාන්තාවන් සමුපකාර සංවර්ධන සමිතියක් වශයෙන් ලියාපදිංචි වී ඔවුන්ගේ ස්වයං රැකියාවන් පවත්වාගෙන යනු ලබයි. එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන ඒ හා සමාන ව්‍යාපෘතියක් අම්පාර දිස්ත්‍රික්කයේද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, අම්පාර දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ සුබසිද්ධිය සඳහා එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.