• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර බෝධි පරිශ්‍රය පිහිටි ඉඩම් කොටස් රජයේ ඉඩම් ආඥාපනත යටතේ කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම
- කළුතර බෝධිය දිවයිනේ ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන්ගේ ගෞරාවදරයට පාත්‍රව ඇත. එම බෝධිය හා එයට සම්බන්ධිත චෛත්‍ය, බුදු මැදුර වැනි අනෙකුත් වන්දනීය ස්ථාන හා බෝධියේ පහළ මළුව පිහිටි මුළු පරිශ්‍රය හෙක්ටයාර 3.41 ක පමණ වූ රජයට අයත් ඉඩම් කොටස් 07 කින් සමන්විත වන අතර, දීර්ඝ කාලයක සිට මෙම බිම් කොටස් කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් සංවර්ධනය කෙරෙමින් පවති. එම ඉඩම් කොටස් දීර්ඝකාලීන බදු පදනම මත කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත ලබා දීම පිණිස ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.