• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය
- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය ශක්තිමක් කිරීම හා රැකියා අවස්ථා පුළුල් කිරීම අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක් ලබා දීමට එකඟ වී ඇත. ඒ අනුව, එම බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීමටත්, ඊට අදාළ ගිවිසුම්වලට එළඹීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.