• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජාතික රුධිර පාරවිලයන සේවය නවීනතම තාක්ෂණය උපයෝගී කරගනිමින් උතුරු නැ‍ගෙනහිර පළාත්වලට විශේෂ අවධානය යොමු කරමින් නෙදර්ලන්ත ආධාර යටතේ වැ‍ඩිදියුණු කිරීම
- ජාතික රුධිර පාරවිලයන සේවය, පර්ෂද මධ්‍යස්ථාන 18කින් හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන රෝහල්වලට අනුයුක්ත ලේ බැංකු 93කින් සමන්විත වන අතර, එහි සේවාවන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වන පරිදි වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එම ව්‍යාපෘතියේ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති අතර, මුල් ව්‍යාපෘති සැලසුමට ඇතුළත්ව නොතිබූ පහත සඳහන් පහසුකම් මෙම ව්‍යාපෘතිය යටතේ ස්ථාපිත කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* රුධිරය මඟින් බෝවන ඒඩ්ස් (HIV) සහ සෙංගමාලය වැනි රෝග රුධිරය මඟින් බෝවීම වැළැක්වීමට අදාළ න්‍යෂ්ටික අම්ල (NAT) පරීක්ෂණ සඳහා විශේෂිත රසායනාගාරයක් ඉදි කිරීම.

* වකුගඩු හා ඇටමිදුළු බද්ධ කිරීමේදී අත්‍යවශ්‍ය වන HLA පරීක්ෂණ සිදු කිරීම සඳහා අධිතාක්ෂණික උපකරණවලින් සමන්විත විශේෂිත රසායනාගාරයක් ඉදි කිරීම.

* ලියුකේමියා සහ අනෙකුත් රුධිර ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ප්‍රාථමික රුධිර සෛල සකස් කිරීම හා බද්ධ කිරීමේ අධිතාක්ෂණය (Stem Cell Transplantation) ප්‍රයෝජනයට ගැනීම සඳහා විශේෂ රසායනාගාරයක් ඉදි කිරීම.

* පෙකිනි රුධිර බැංකුව (Cord Blood Banking) ස්ථාපිත කිරීම.