• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - පොතුහැර සිට ගලගෙදර දක්වා වන III වන කොටස ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් සහ දේශීය අධීක්ෂණ උපදේශකවරුන් තෝරාගැනීම
- මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වන III වන කොටස කිලෝමීටර 32.5කින් සමන්විත වන අතර, එම කොටසේ ඉදි කිරීම් කටයුතු මාස 36 කින් නිම කිරීමට සැලසුම් කර ඇත. එම සම්පූර්ණ මාර්ග කොටස කිලෝමීටර 4.5 - 7.5 අතර වූ දුර ප්‍රමාණයකින් සමන්විත සමාන වටිනාකමින් යුත් පැකේජ 05ක් යටතේ තරගකාරී ලංසු කැඳවා දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙතින් ඉදි කරවා ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.