• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා වේරහැර පරිශ්‍රයේ ලිපිගොනු ගබඩා‍වක් ඉදි කිරීම
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට වාහන ලක්ෂ 60කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇත. මෙම වාහනවලට අදාළ මුල් ලිපිගොනු (Original Files) සහ වාහන පැවරීම් කරන විට එකතු වන පැවරුම් ගොනු (Transfer Files) සුරක්ෂිතව තැන්පත් කිරීම පිණිස නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රුපියල් මිලියන 98ක ඇස්තමේන්තුගත පිරිවැයකින් නව ලිපිගොනු ගබඩාවක් වේරහැර පරිශ්‍රයේ ඉදි කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.