• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රවාහන සේවාවන්හි ගුණාත්මක වර්ධනයක් උදෙසා නගර හා උපනගර ආශ්‍රිත නව බස්නැවතුම්පළ ඉදි කිරීම සහ නවීකරණය කිරීම
- නගර හා උපනගර ආශ්‍රිත නව බස්නැවතුම්පළවල් ඉදි කිරීම සහ දැනට පවතින බස්නැවතුම්පළවල් නවීකරණය කිරීම මඟින් ප්‍රවාහන සේවාවන්හි ගුණාත්මක වර්ධනයක් ඇති කොට නගර කරා දෛනිකව පැමිණෙන මගී ජනතාවට අවශ්‍ය ප්‍රවාහන සේවා සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ පහත සඳහන් නගරවල අලුතින් බස් නැවතුම්පොළවල් ඉදි කිරීමට/නවීකරණය කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* යාපනය නගරයේ නව බස්නැවතුම්පළ ඉදි කිරීම - රුපියල් මිලියන 150

* හිඟුරක්ගොඩ නගරයේ නව බස්නැවතුම්පළ ඉදි කිරීම - රුපියල් මිලියන 60

* මැදිරිගිරිය නගරයේ නව බස්නැවතුම්පළ ඉදි කිරීම - රුපියල් මිලියන 25

* කඳුරුවෙල නගරයේ දැනට පවතින බස්නැවතුම්පළ නවීකරණය කිරීම - රුපියල් මිලියන 40

* අරලගංවිල නගරයේ දැනට පවතින බස්නැවතුම්පළ නවීකරණය කිරීම - රුපියල් මිලියන 05