• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
චීන වරාය දුම්රිය ස්ථානයේ සිට මහව දුම්රිය ස්ථානය දක්වා හොල්සිම් (ලංකා) සමාගමේ ගල් අඟුරු කන්ටේනර් විශේෂ දුම්රිය මඟින් ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව, හොල්සිම් (ලංකා) සමාගම සමඟ ගිවිසුමකට එළඹීම
- සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ රටවල දුම්රිය, භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මගී ප්‍රවාහන ආදායමට සාපේක්ෂව භාණ්ඩ ප්‍රවාහන ආදායම පහළ මට්ටමක පවතින අතර, එකී ආදායම වැඩි කරගැනීමේ අරමුණින් දෙපාර්තමේන්තුව විසින් සාම්ප්‍රදායික නොවන භාණ්ඩ ප්‍රවාහන ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කර ඇත. ඒ අනුව, හොල්සිම් (ලංකා) සමාගම විසින් ත්‍රිකුණාමලය වරාය වෙත ආනයනය කරනු ලබන ගල් අඟුරු, ත්‍රිකුණාමලය චීන වරාය දුම්රිය ස්ථානයේ සිට මහව දුම්රිය ස්ථානය දක්වා මෙහෙයුම් පිරිවැය පදනම් කරගනිමින් ගාස්තු අය කිරීමට යටත්ව ප්‍රවාහනය කිරීම සඳහා ගිවිසුමකට එළඹීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.