• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත
- බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ණය ලබාගැනීමේදී සුරැකුමක් ලෙස ඉදිරිපත් කළ හැකි ඉඩම් වැනි ස්ථාවර වත්කම් එකී ව්‍යාපාර සතුව නොමැති අවස්ථාවලදී එම ව්‍යාපාර සතු යන්ත්‍රසූත්‍ර වැනි ජංගම වත්කම් සුරැකුම් ලෙස තබා බැංකු හා මුල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමට 2009 අංක 49 දරන සුරක්ෂිතලත් ගනුදෙනු පිළිබඳ පනත සම්මත කරනු ලැබීය. එසේ වුවද මෙම පනතෙහි ඇතැම් විධිවිධාන බලාත්මක කිරීමේදී පැනනඟින ගැටලු හේතුවෙන් එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීමට අපහසු වී ඇත. එබැවින් 2009 අංක 49 දරන සුරක්ෂිතලත් ගනුදෙනු පිළිබඳ පනත ඉවත් කර වර්තමානයට ගැළපෙන පරිදි නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.