• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන (2016 -2018) ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ව සුදානම් වීම වෙනුවෙන් අත්‍යවශ්‍ය වියදම් දැරීම
- රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වශයෙන් ආහාර නිෂ්පාදන ජාතික වැඩසහටන - 2016-2018 කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. එම වැඩසටහනේ සමාරම්භක කටයුතු 2015‑10‑05 වන දින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වඩ්ඩකච්චිහිදී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර ඊට සමගාමිව රට පුරා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින්ද එහි කටයුතු ආරම්භ කරනු ලැබ ඇත. ඒ අනුව එම වැඩසටහනේ ප්‍රධාන අංගයක් වශයෙන් වස වි‍සෙන් තොර තිරසර ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගොවීන් අතර සාම්ප්‍රදායික දේශීය බිත්තර වී නිෂ්පාදනය ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය මූලික බීජ ගොවීන්ට නොමිලේ ලබා දීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.