• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණික අවදානම පිළිබඳ ජගත් සංසදයේ (Climate Vulnerable Forum) ශ්‍රී ලංකාව සාමාජිකත්වය ලබා ගැනීම
- ශ්‍රී ලංකාව ඝර්ම කලාපය තුළ පිහිටි දිවයිනක් වීමත්, සංවර්ධනය වෙමින් පවතින රටක් වීමත්, මත දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්වලට දැඩි ලෙස මුහුණපාන රටකි. දේශගුණික විපර්යාස නිසා ඇති වන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ජාතික මට්ටමින් ක්‍රියා කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා ලෝකයේ රටවල් අතර ද්වි පාර්ශ්වීය, බහු පාර්ශ්වීය මෙන්ම කලාපීය ගිවිසුම් හෝ රටවල් කණ්ඩායම් වශයෙන් එක්ව ක්‍රියා කරනු ලබයි. ඒ අනුව එක සමාන බලපෑමට ලක් වන හා ලක්ව ඇති රාජ්‍යයන් විසින් " දේශගුණික අවදානම පිළිබඳ වූ ජගත් සංසදය" පිහිටුවා ගෙන ඇති අතර එම සංසදයේ සාමාජිකත්වය ලබාගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.