• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ස්විස්ට්සර්ලන්තයේ පිහිටි පාලනය පිළිබඳ බාසල් (BASEL) ආයතනයත් අතර උපදේශනය පිළිබඳ ගිවිසුම
- ස්විස්ට්සර්ලන්තයේ පිහිටි පාලනය පිළිබඳ බාසල් ආයතනය ලොව පුරා රාජ්‍ය හා පෞද්ගලික අංශවල දූෂණය හා වෙනත් මුල්‍ය අපරාධ මැඩපැවැත්වීමේ ක්‍රියාවලීන් දියුණු කිරීම පිණිස කටයුතු කරන, ලාභ ඉපයීම අරමුණු කර නොගත් ස්වාධීන ආයතනයකි. ශ්‍රී ලංකා රජය විසින් දූෂණයට හා මූල්‍ය අපරාධවලට එරෙහිව සිදුකරන කටයුතු සම්බන්ධයෙන් ස්විස්ට්සර්ලන්ත රජයේ සහාය ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ගිවිසුමට එළඹීමට යෝජිතය. මෙම ගිවිසුමට එළඹීම මඟින් දූෂණය හෝ වෙනත් ආකාරයේ අයුතු ලෙස බලය පාවිච්චි කිරීමේ මාර්ග තුළින් නීති විරෝධීව උපයා ගෙන ඇති ශ්‍රී ලංකා රජයට අයත් අරමුදල් ආපසු ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන කටයුතුවලදී අවශ්‍ය උපදෙස් සහ සහාය මෙම ආයතනය විසින් ලබා දෙනු ඇත. එසේම අවශ්‍ය අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයෙන් පිටත කිරීමට සිදු වන අධිකරණ කටයුතු සඳහාද මෙම ආයතනයේ මග පෙන්වීම ලැබෙනු ඇත. ඒ අනුව අදාළ ගිවිසුමට එළඹීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.