• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ජාතික අවම වැටුපක් පිළිබඳ නීතිය හඳුන්වාදීම
- ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජිකයින් මෙන්ම විවිධ වෘත්තීය සමිතිවලද ඉල්ලීම පරිදි වෙනම නීතියක් මඟින් පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ජාතික අවම වැටුපක් නියම කිරීමට රජය තීරණය කර ඇත. දැනට පවතින අවම වැටුප තීරණය කර ඇත්තේ ඒකපුද්ගල මාසික අවම දරිද්‍රතා ඉම (Poverty Line) වන රුපියල් 4,000/- සීමාව සැලකිල්ලට ගැනීමෙනි. නමුත් වර්තමාන අවශ්‍යතා සැලකිල්ලට ගෙන, මාසික අවම වැටුප රුපියල් 10,000/- ක් වන පරිදි නීති කෙටුම්පත් සකස් කිරීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.