• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක
- 2015‑11‑18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය සහ සිදු කළ යුතු ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට ගනු ලැබූ තීරණය පරිදි, එකී අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවට පහත නම් සඳහන් අමාත්‍යවරුන් පත් කිරීම පිණිස, එම අනුකාරක සභාවේ සභාපති වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා
* ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා
* ගරු රවුෆ් හකීම් මැතිතුමා
* ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා
* ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා
* ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා
* ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා
* ගරු ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා
* ගරු මනෝ ගනේෂන් මැතිතුමා
* ගරු මලික් සමරවික්‍රම මැතිතුමා