• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදි කිරීම් කටයුතු සම්පූර්ණ කිරීම
- කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට රජයේ ආයතනවලින් ඉටු කර ගත යුතු අවශ්‍යතාවන් එකම වහලක් යටදී ඉටු කරගැනීමට පහසුකම් සැලසෙන අයුරින් ජනතාවට සේවය සපයන රජයේ ආයතන එක් ගොඩනැඟිල්ලක ස්ථාපිත කිරීම අරමුණු කරගෙන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මහල් 20 කින් යුතුව නාරාහේන්පිට ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින අතර, එහි බොහෝ කටයුතු දැනටමත් නිම කර ඇත. මේ වන විට රජයේ කාර්යාල කිහිපයක් එම ගොඩනැඟිල්ලේ සේවා කටයුතු පවත්වාගෙන යනු ලබන අතර, තවදුරටත් ඉතිරිව ඇති වැඩ කොටස් කඩිනමින් නිම කිරීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.