• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ADS-B පද්ධතිය ශ්‍රී ලංකාව තුළ සැපයීම, ස්ථාපිත කිරීම හා සක්‍රීයකරණය
- ස්වයංක්‍රීය පරායත්ත ආවේක්ෂණ විකාශනය (ADS-B) වර්තමාන ලෝකයේ ගුවන් ගමනාගමනය පාලනය සඳහා භාවිත වන ආවේක්ෂණ පද්ධතියකි. ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) විසින් ආසියා ශාන්තිකර කලාපයේ ගුවන් සන්තරණ (Air Navigation) ක්‍රියාවට නැංවීමේ සැලැස්ම යටතේ ADS-B භාවිතය නිර්දේශ කර ඇති අතර, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය, සිංගප්පූරුව හා මැලේසියාව වැනි ආසියාතික රටවල් දැනටමත් ADS-B භාවිත කරයි. ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ ADS-B පද්ධතිය සැපයීම, ස්ථාපනය කිරීම සහ ක්‍රියාත්මක කරවීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.