• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සංශෝධිත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14අ ව්‍යවස්ථාව මඟින් තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇත. ඒ අනුව, රජයේ නිල තොරතුරු ලබාගැනීමට පුරවැසියන්ට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා සහ එමඟින් ර‍ටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලන මූලධර්ම වඩාත් හොඳින් ක්‍රියාවට නංවමින් දූෂණයෙන් තොර වඩාත් යහපත්, වගකීම් සහිත රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදි තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.