• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
- උතුරු පළාතෙන් පිටවන ලෙස කළ බල කිරීම මත ස්වකීය ඉඩම් හා දේපළ අතහැර දමා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල තාවකාලිකව පදිංචි වූ සහ නවාතැන් ගත් අවතැන් වූ පවුල්වලට සහ තැනැත්තන්ට ඡන්ද අයිතිවාසිකම් ලබා දීම සඳහා 2013 අංක 27 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත පනවන ලද අතර, එය 2013‑06‑20 දින සිට වසර දෙකක (02) කාල සීමාවක් සඳහා බලාත්මක විය. උතුරු පළාතේ පදිංචිව සිට අවතැන් වූ දැනට පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පදිංචිව සිටින එහෙත් යළි උතුරු පළාතේ පදිංචියට යාමට අපේක්ෂාවෙන් සිටින පුරවැසියන්ට මෙම පනතේ විධිවිධාන තවත් වසර දෙකක (02) කාලයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, 2013 අංක 27 දරන පනතෙහි ඇතුළත් විධිවිධාන අන්තර්ගත කරමින් නව පනතක් කෙට‍ුම්පතක් පිළියෙල කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.