• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා පනත සංශෝධනය කිරීම
1968 අංක 15 දරන පනතින් ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, එම පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජල රැඳවුම් ප්‍රදේශ, පහත් බිම්, වගුරු බිම්, මුඩු බිම්, ගොහොරු බිම් සහ ඇළ මාර්ග රක්ෂිත සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් වගකීම දරයි. එකී පනතෙහි නෛතික විධිවිධාන ක්‍රියාවට නැංවීමේදී යම් යම් ගැටලුවලට මුහුණපෑමට සිදු වන බව සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා පනත සංශෝධනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.