• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යකඩ හා යකඩ නොවන ලෝහ සුන්බුන් හා ලෝහ කුට්‍ටි අපනයනය කිරීමේදී නිර්දේශ ලබාගැනීම
- යකඩ හා යකඩ නොවන ලෝහ, අමුද්‍රව්‍ය ලෙස භාවිත කරමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පවත්වාගෙන යන දේශීය කර්මාන්තකරුවන් මුහුණ දෙන අමුද්‍රව්‍ය හිඟය පිළිබඳ ගැටලු සැලකිල්ලට ගෙන, ඊට විසඳුමක් වශයෙන්, ඔවුන්ට රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා අනෙකුත් ආයතනවලින් බැහැර කරනු ලබන යකඩ හා යකඩ නොවන ලෝහ වර්ග පහසුවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි යෝග්‍ය ක්‍රමවේදයක් නිර්දේශ කිරීම පිණිස මෙම විෂය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.