• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම (විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලේඛනය)
- වෛද්‍ය ආඥාපනතේ විශේෂඥ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම පිණිස වෙනම ලේඛනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විධිවිධාන නොමැති බැවින් අදාළ වෛද්‍යවරයාගේ මූලික එම්.බී.බී.එස් සුදුසුකම ලියාපදිංචි කරනු ලබන ලේඛනයේ එම පත්ඉරුවෙහිම අමතර සුදුසුකමක් වශයෙන් විශේෂඥ සුදුසුකම ලියාපදිංචි කරනු ලබයි. ලෝකයේ අනෙකුත් රටවල එක් එක් විශේෂඥතා සම්බන්ධයෙන් වෙන වෙනම ලියාපදිංචි කිරීමේ ලේඛන පවත්වාගෙන යන අතර එය පොදු ජනතාවට වඩාත් ආරක්ෂිත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම පිණිස වන අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් ලෙස සැලකේ. මෙම කරුණ සැලකිල්ලට ගෙන රෝගී සත්කාරක සේවාවන්හි ගුණාත්මකභාවය පවත්වා ගැනීමේ අරමුණ ඇතිව, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලේඛනයක් (Specialist Register) පිළියෙල කිරීම සඳහා වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.