• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආපදා කළමනාකරණය සඳහා වූ නෛතික සහ ආයතනික රාමුව ප්‍රතිස්ථාපනය සහ සවිබල ගැන්වීම
- ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (Disaster Management Centre) මඟින් ආපදා අවම කිරීම, පෙර සූදානම, හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීම, ආපදා හා සම්බන්ධ තොරතුරු රැස් කිරීම යනාදී කටයුතු සිදු කෙරෙන අතර, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (National Disaster Relief Services Centre) විසින් ආපදාවලින් පසු සහන සැලසීමේ කටයුතු, ආපදාවට පත් ජනතාව යළි ගොඩනැංවීමේ කටයුතු මෙන්ම ආපදාවන්ට ලක්වූවන්ගේ නිවාස ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. මෙම ආයතන දෙක (02) මඟින් වෙන් වෙන් වශයෙන් කටයුතු කරනු ලැබූවද, ආයතන දෙකම සිදු කරනුයේ ආපදාවන්ට සම්බන්ධ ක්‍රියාවලින් සඳහා සෘජුවම මැදිහත් වී කටයුතු කිරීමයි. ආපදා කළමනාකරණ ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය කාර්යක්ෂම යන්ත්‍රණයක් ඇති කිරීම පිණිස ඉහත සඳහන් ආයතන දෙක ඒකාබද්ධ කොට වඩා ශක්තිමත් එක් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.