• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල‍ෙය් බස්රථවලට අවශ්‍ය අමතර කොටස් මිල දී ගැනීම සඳහා පුද්ගලික සමාගම් දෙකක් තෝරා ගැනීම සඳහා වූ ටෙන්ඩර් ක්‍රියාවලිය මත සිදුවී ඇති ගනුදෙනු පිළිබඳ නෛතිකභාවය පරික්ෂා කිරීම පිණිස රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම
- 2011 වර්ෂයේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) අමතර කොටස් මිල දී ගැනීම පිණිස පෞද්ගලික සමාගම් දෙකක් තෝරා ගැනීමේ ක්‍රියාවලිය හා එකී සමාගම් විසින් අමතර කොටස් ආනයනය කිරීමේදී ලබා දී ඇති බදු සහන ප්‍රයෝජනයට ගෙන සිදු කර ඇතැයි වාර්තා වී තිබෙන අක්‍රමිකතා පරික්ෂා කර බැලීමටත්, ශ්‍රී ලංගම සහ එකී ආයතන අතර ඇති කර ගෙන ඇති ගිවිසුම්වල නීත්‍යනුකූලභාවය පරික්ෂා කර බැලීමටත් මහා භාණ්ඩාගාරය, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව ඇතුළු ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.