• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අළුත්ගම, මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය, කුණ්ඩසාලේ - හාරගම ජල සම්පාදන ව්‍යාපෘතිය සහ පොල්ගහවෙල, පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- අළුත්ගම, මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මිලියන 164.9 ද, කුණ්ඩසාලේ - හාරගම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මිලියන 146.31 ද, පොල්ගහවෙල, පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මිලියන 91.8 ද, වශයෙන් මෙම ව්‍යාපෘති තුන සඳහා ඇ.ඩො.මිලියන 403.01 ක් වන ණය පහසුකම් ඉන්දියානු එක්සිම් බැංකුව වෙතින් ලබා ගැනීමට සහ එම ව්‍යාපෘතින් සඳහා දේශීය අරමුදල් ලෙස ඇ.ඩො.මිලියන 54.44 ක් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.