• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මානව පෝෂණය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ජෛව විවිධත්ව සංරක්ෂණය හා තිරසර භාවිතය අනුප්‍රවාහගත කිරීමේ ව්‍යාපෘතිය
- ඉහත සඳහන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන (UNEP), ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ගෝලීය පාරිසරික පහසුකම (GEF) මඟින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 116 ක පමණ ප්‍රදානයක් ලබා දී ඇත. ශ්‍රී ලංකාව තුළ පවතින සුවිශේෂ ජෛව විවිධත්වය තිරසර ලෙස භාවිතය, ආහාර සුරක්ෂිතතාවය ඇති කරමින් ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම, ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම හා එතුළින් ජෛව විවිධත්ව සංරක්ෂණයට ජනතාව නැඹුරු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු වේ. ඒ අනුව, නියමු ප්‍රදේශ තුනක (03) එනම්, රත්නපුර දිස්ත්‍රික‍කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත් 2017 වර්ෂය දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.