• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජීවනෝපායන් සඳහා සහ දේශගුණික විපර්යාසයන්ට අනුගත වීම සඳහා ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික පද්ධති තුළ කෘෂි ජෛව විවිධත්වය සංරක්ෂණය හා භාවිතය අනුප්‍රවාහගත කිරීමේ ව්‍යාපෘතිය
- දේශගුණික විපර්යාසයන්ට අනුගත වීම සඳහා ඉහත සඳහන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන (UNEP) හා ගෝලීය පාරිසරික පහසුකම (GEF) මඟින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 172 ක පමණ ප්‍රදානයක් ලබා දී ඇත. ශ්‍රී ලංකාව තුළ පවතින සුවිශේෂ ජෛව විවිධත්වයට දේශගුණික විපර්යාස මඟින් සිදුවන අයහපත් බලපෑම්වලට විසඳුම් සෙවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. ඒ අනුව, නියමු ප්‍රදේශ ලෙස තෝරාගත් සුවිශේෂ කෘෂිකාර්මික පද්ධති තුනක් (03) ඔස්සේ එනම්, ඕවිට පද්ධතියක් ලෙස කළුතර දිස්ත්‍රික්‍කයේ මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේත්, උඩරට ගෙවතු වගා පද්ධතියක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රා‍ෙද්ශීය ලේකම් කොට්ඨාසයේත්, ඉහළ ජලාශයෙන් ඊළඟ ජලාශය පෝෂණය වන වැව් පද්ධතියක් (Cascade Tank System) ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත් ඉහත ව්‍යාපෘතිය 2017 වර්ෂය දක්වා ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.