• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා තාක්ෂණිකව සුදුසුකම්ලත් සොයාගැනීමේ හා බේරාගැනීමේ කණ්ඩායම් ඇති කිරීමේ ව්‍යාපෘතිය -
- වර්තමානය වන විට ගංවතුර, නායයෑම් හා වාසුළි වැනි ස්වාභාවික ආපදා මෙන්ම රසායනික අනතුරු වැනි මිනිසා විසින් නිර්මාණය කරගන්නා ලද ආපදා සිදුවීමේ ඉහළ අවදානමක් පවතින බව පෙනී ගොස් ඇත. ඒ අනුව, එවැනි හදිසි ආපදාවන්හිදී උපකාරී වීම සඳහා 'තාක්ෂණිකව සුදුසුකම් ලත් සොයාගැනීමේ හා බේරාගැනීමේ කණ්ඩායම් ඇති කිරීමේ' ව්‍යාපෘතිය රුපියල් මිලියන 349.2ක පිරිවැයකින් 2016 - 2018 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.