• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥාපනත සංශෝධනය කිරීම
- පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහාත්, එම ආයතනවල ඡන්ද විමසීමේදී කොට්ඨාස ක්‍රමය (Ward System) හඳුන්වා දීම සඳහාත්, මැතිවරණ ක්‍රමය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහාත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥාපනත සංශෝධනය කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.