• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලාංකේය අනන්‍යතාව වඩාත් තහවුරු කිරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ජන කොටස් අතර සාමය හා සංහිඳියාව තිරසරව පවත්වා ගෙන යාමේ සහ ශ්‍රී ලාංකේය අනන්‍යතාව සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ වඩාත් තහවුරු කිරීමේ අරමුණ ඇතිව වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නැංවීම කාලීන අවශ්‍යතාවකි. එක් එක් ජන වර්ගයන්ට අනන්‍ය වූ සංස්කෘතික හා ආගමික ලක්ෂණ සුරක්ෂිතව පවතින අතරතුරම, රට තුළදී මෙන්ම විදේශියන්හිදීද එක් ජාතියක් (one nation) ලෙස ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් සූදානම් කළ යුතුව ඇත. එමඟින් මෙරට අනාගත පරම්පරාවන්ට සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් විය හැකි යහපත් ශ්‍රී ලාංකේය දේශයක් බිහි කිරීමට හැකිවනු ඇත. ඒ අනුව, 2016 වසර පුරා ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.