• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් සිසුන් සඳහා 2016 වසරේ සිට පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර් පතක් ලබා දීම
- පාසල් නිල ඇඳුම් රෙදි ශිෂ්‍යයන්ට ලබා දීමේදී රජය මුහුණ දුන් ප්‍රධාන අභියෝගයන් වූයේ පාසල් නිල ඇඳුම් රෙදි නියමිත දිනයට සිසු දරුවන් අතට පත් කිරීම සහ එම නිල ඇඳුම් රෙදි නියමිත ගුණාත්මකභාවයෙන් යුතුව සපයා ගැනීමයි. එසේම එම නිල ඇඳුම් රෙදි පාර්සල් කිරීම, ගබඩා කිරීම හා ප්‍රවාහනය සඳහාද සැලකිය යුතු පිරිවැයක් දැරීමට රජයට සිදුවේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභ‍ාවේ නිර්දේශය පරිදි, 2016 වර්ෂයේ සිට පාසල් ළමුන් සඳහා නිල ඇඳුම් රෙදි ලබා දීම වෙනුවට දිවයිනේ ඕනෑම වෙළෙඳ සැලකින් ගුණත්වයෙන් උසස් නිල ඇඳුම් රෙදි ලබා ගැනීමට හැකිවන පරිදි මුදල් වවුචර පතක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.