• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ගුවන්ගතව සිදු කෙරෙන ගුරුත්ව සහ චුම්බක සමීක්ෂණ මඟින් දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය සහ භූ කම්පන දත්ත ප්‍රතිසංසාධනය සහ අනුරූපීකරණය කිරීමේ ව්‍යාපෘතිය
- සියලු දේශීය බලශක්ති උත්පාදන මාර්ග ප්‍රශස්ත මට්ටමෙන් භාවිත කිරීම තුළින් ශ්‍රී ලංකාව බලශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම වර්තමානයේ රජයේ අපේක්ෂාවයි. එහිදී ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ස්ව‍ාභාවික වායු ගවේෂණ කටයුතුවලට ඉතා වැදගත් ස්ථානයක් හිමිවන අතර, 2011 වර්ෂයේදී මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ස්වාභාවික වායු සංචිත දෙකක් (02) සොයා ගැනීමට හැකි වීම එහි එක් සන්ධිස්ථානයකි. 2001 - 2005 කාල සීමාව තුළ මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව පිහිටා ඇතැයි සැලකෙන ඛනිජ තෙල් නිධි හා ස්වාභාවික ගෑස් නිධි පිළිබඳව තොරතුරු දැනගැනීමට යොදා ගත හැකි ද්විමාන භූ කම්පන දත්ත රැස්කර ගෙන ඇතත් එම දත්ත වසර දහයක් (10) පමණ පැරණි බැවින් ඒවා යළි සැකසීම හා වැඩිදියුණු කිරීම අවශ්‍ය වේ. ඒ අනුව, දැනට රැස් කර ගෙන ඇති භූ කම්පන දත්ත නවීන තාක්ෂණ ක්‍රමවේද යොදා ගෙන යළි සැකසීමේ හා අනුරූපීකරණය කිරීමේ ව්‍යාපෘතිය සහ මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ගුවන්ගතව සිදු කිරීමට නියමිත ගුරුත්ව හා චුම්බක සමීක්ෂණ මඟින් දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ සහ ව්‍යාපෘති කමිටුවේ නිර්දේශ පරිදි පිරිනැමීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.