• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015-2016 ක්ෂේත්‍ර වැඩසටහන් සඳහා ජලභීතිකා රෝග එන්නත් වඩි 450,000 මිල දී ගැනීම
- ජලභීතිකා රෝගය 100%ක් මාරාන්තික වුවද වළක්වා ගත හැකි රෝගයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව ජලභීතිකා රෝගය වැලඳීමෙන් ලොව පුරා වාර්ෂිකව 55,000ක් පමණ මරණයට පත් වන අතර, එවන් මරණවලින් 95%කට අධික ප්‍රමාණයකට හේතු වී ඇත්තේ ජලභීතිකාව සහිත සුනඛයන් සපාකෑමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සුනඛ ගහණයෙන් 70%ක් එන්නත් කරනු ලැබුවහොත් මාස තුනක් (03) වැනි කෙටි කාලයක් තුළ ජලභීතිකා රෝගය මුලිනුපුටා දැමීමට හැකියාව තිබේ. 2020 වර්ෂය වන විට සුනඛයන් මඟින් වැල‍ඳෙන ජලභීතිකාව මෙරටින් මුලිනුපුටා දැමීමේ ඉලක්කය ඇතිව වැඩසටහනක් දියත් කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපා‍ර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව, එම වැඩසටහන සඳහා අවශ්‍ය, ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් ජලභීතිකා එන්නත් වඩි 450,000ක් මිල දී ගැනීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.