• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හේතු හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා විශේෂිත වූ ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය වකුගඩු ඒකක ඉදි කිරීම
- හේතු හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය වර්තමාන සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන විශාලතම අභියෝගය ලෙස සැලකේ. මේ වන විට රට පුරා වාර්තාගත වී ඇති රෝගීන් සංඛ්‍යාව 26,470ක් පමණ වන අතර, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, බදුල්ල, මාතලේ, ත්‍රිකුණාමලය, අම්පාර හා මුලතිව් වැනි දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි පිරිසක් වාර්තා වී ඇත. එම රෝගී තත්ත්වය බහුලව පවතින ප්‍රදේශවල රෝගීන් පෙර හඳුනා ගැනීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් පහසුකම්, රුධිර කාන්දුකරණ පහසුකම් සහ වකුගඩු බද්ධ කිරීමේ පහසුකම් සහිතව, 2016 - 2018 ඉදිරි වර්ෂ තුන තුළ, රුපියල් මිලියන 4,263ක සමස්ත පිරිවැයකින් පහත සඳහන් රෝහල්වල වකුගඩු ඒකක ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* යාපනය ශික්ෂණ රෝහල
* බදුල්ල පළාත් මහ රෝහල
* මඩකලපුව ශික්ෂණ රෝහල
* ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල
* හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල