• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රි ලංකාවේ පිළිකා රෝගීන් සඳහා ඉහළ ගුණාත්මක භාවයකින් යුත් අධිශක්ති විකිරණ චිකිත්සක උපකරණ හා අදාළ යටිතල පහසුකම් සැපයීම සඳහා වූ ව්‍යාපෘතිය, දෙවන අදියර
- ශ්‍රි ලංකාවේ පිළිකා රෝගීන් සඳහා ඉහළ ගුණාත්මක භාවයකින් යුත් අධිශක්ති විකිරණ චිකිත්සක උපකරණ සපයා දීමටත්, ඒවා සවි කිරීමට යෝග්‍ය ගොඩනැඟිලි ඉදිකිරීමත් මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මහරගම ජාතික පිළිකා ආයතනය, යාපනය ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල හා මඩකලපුව ශික්ෂණ රෝහල යන රෝහල්වල අදාළ ගොඩනැඟිලි ඉදි කෙරෙමින් පවතී. ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහල, හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල, බදුල්ල මහ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ රත්නපුර මහ රෝහල යන රෝහල්වල පිළිකා මධ්‍යස්ථානවලට අවශ්‍ය විකිරණ ආරක්ෂිත ගොඩනැඟිලි ඉදි කිරිම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.