• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තිස්සමහාරාම ජල සම්පාදන යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීම
- තිස්සමහාරාම ජල සම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන ප්‍රදේශයේ වත්මන් ජනගහනය 46,381කි. දැනට ජල සම්බන්ධතා මඟින් ආවරණය කර ඇති මුළු ජනගහනය 30,500ක් පමණ වේ. කෘෂිකර්මාන්තය ජීවනෝපාය ලෙස භාවිත කරන මෙම ප්‍රදේශවල ජනතාව වකුගඩු රෝගයේ මූලික ලක්ෂණ පෙන්නුම් කරන අතර, ජල පිරිපහදු යන්ත්‍රාගාරයේ පවතින අඩුපාඩු හේතුවෙන් දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටලු ඇති කරන විෂ ද්‍රව්‍ය හා බැරලෝහ පානීය ජලයට එක්වීම වැළැක්වීම අපහසු වි ඇත. එබැවින් තිස්සමහාරාම හා කිරින්ද ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සෞඛ්‍යාරක්ෂිත හා ගුණාත්මකභාවයෙන් යුත් පානීය ජලය සැපයීම සඳහා රුපියල් මිලියන 393ක ඇස්තමේන්තුගත පිරිවැයකින් තිස්සමහාරාම ජල සම්පාදන යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.