• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1986 අංක 15 දරන සත්ත්ව ආහාර පනත සංශෝධනය
- සත්ත්ව ආහාර සම්බන්ධ නීතිරීති වඩාත් විධිමත්ව ක්‍රියාත්මක කිරීම පිණිස සත්ත්ව ආහාර රෙජිස්ට්‍රාර්වරයා පත් කිරීම, සත්ත්ව ආහාර උපදේශක කමිටුවේ සංයුතිය වෙනස් කිරීම, සත්ත්ව ආහාර මිල දී ගන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, පනතේ විධිවිධාන කඩ කිරීම සම්බන්ධයෙන් වන දඬුවම් වැඩි කිරීම, සත්ත්ව ආහාර නිෂ්පාදනය හා බෙදාහැරීමේ ක්ෂේත්‍රය වඩාත් විධිමත් කිරීම යන කාර්යයන්ට අදාළව 1986 අංක 15 දරන සත්ත්ව ආහාර පනත සංශෝධනය කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.