• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහපොළ ශිෂ්‍යත්ව නොලබන විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙනු ලබන මාසික ශිෂ්‍යාධාර වාරිකය රු.2,500‍/- සිට රු.4,000/- දක්වා ඉහළ නැංවීම
- දිවංගත ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ සංකල්පයක් මත මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ක්‍රමය 1981 වර්ෂයේදී ආරම්භ කෙරුණු අතර, එයට සමගාමීව අඩු ආදායම් ලබන පවුල්වල සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක්ද මහා භාණ්ඩාගාරයේ අරමුදල් යටතේ විශ්වවිද්‍යාල මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. දළ වශයෙන් සිසුන් 25,000ක් පමණ වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනෙන අතර, ඒ අතරින් සිසුන් 12,000කට පමණ මහපොළ ශිෂ්‍යත්වද සිසුන් 7,000කට පමණ ශිෂ්‍යාධාරද ලබා දෙනු ලැබේ. වර්තමානයේදී මහපොළ ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට මාසිකව රු.5,000/-ක මුදලක් හිමිවන අතර, ශිෂ්‍යාධාර සඳහා හිමිකම් ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට ලැබෙනුයේ මාසිකව රු.2,500/-ක මුදලක් පමණි. මෙම විෂමතාව ඉවත් කිරීමේ සහ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආර්ථික අපහසුතාවලින් තොරව අධ්‍යයන කටයුතුවල නිරත වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින්, මාසිකව ලබා දෙන ශිෂ්‍යාධාර වාරිකය රු.2,500/- සිට රු.4,000/- දක්වා ඉහළ නැංවීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.