• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා බල්ගේරියාව අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසු
- ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ පවතින වැඩිවන ඉල්ලුම සලකා බැලීමේදී අනිකුත් රටවල් සමඟ ඇති කරගැනෙන ගුවන් සේවා සබඳතා ශ්‍රී ලංකාවේ ගුවන් සේවා හා සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම පිණිස අත්‍යවශ්‍ය බව පෙනී යයි. ඒ අනුව, ශ්‍රී ලංකාව හා බල්ගේරියාව අතර දැනටමත් නිලධාරි මට්ටමින් අත්සන් තබා ඇති ගුවන් සේවා ගිවිසුම බලයලත් නියෝජිතයකු මඟින් අත්සන් තැබීම පිණිස සහ ඉන්පසුව එකී ගිවිසුම බලාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යොජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.