• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු ආසියානු වනජීවී බලගැන්වීමේ ජාලය (South Asia Wildlife Enforcement Network - SAWEN) පිළිබඳ ප්‍රඥප්තිය
- දකුණු ආසියානු වනජීවී බලගැන්වීමේ ජාලය (SAWEN), සන්නිවේදනය, සම්බන්ධීකරණය, එක්ව වැඩ කිරීම, ධාරිතා සංවර්ධනය සහ සහයෝගිතාව මඟින් වනජීවී ක්ෂේත්‍රය හා බැඳුණු අපරාධ මැඬලීම පිණිස වනජීවී නීතිය බලගැන්වීම ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන දකුණු ආසියානු රටවල් 08 අතර වන අන්තර් ආණ්ඩු එකඟතාවකි. SAWENහි ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ සම්බන්ධීකරණය කිරීමේ වගකීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රධන වශයෙන් පැවරී ඇත. ජෛව විවිධත්වයෙන් පිරිපුන් අප රටට ඉහත බලගැන්වීමේ ජාලය යටතේ ඇතිකර ගෙන ඇති කලාපීය සහයෝගිතාව මඟින් ප්‍රයෝජන රාශියක් ලබාගත හැකිවනු ඇත. ඒ අනුව, දකුණු ආසියානු වනජීවී බලගැන්වීමේ ජාලය (SAWEN) පිළිබඳ ප්‍රඥප්තියට අනුමැතිය ලබාගැනීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.