• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි උසස් පර්යේෂණ අධ්‍යාපන සමායෝජන ආයතනයක් (KDU-CARE) ස්ථාපිත කිරීම
- ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) පර්යේෂණ කටයුතුවල සහ අනෙකුත් තෘතීයීක අධ්‍යාපන කාර්යයන්හි නිරත වන මනා ලෙස ස්ථාපිත වූ උසස් අධ්‍යාපන ආයතනයකි. එම විශ්වවිද්‍යාලය විසින් විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය සඳහා පර්යේෂණ හා ප්‍රවර්ධනය, වාණිජ හා ආරක්ෂක යන අංශවලින් සමන්විත 'උසස් පර්යේෂණ හා අධ්‍යාපන සමායෝජන ආයතනයක්' පිහිටුවීමට සැලසුම් කර ඇත. එම ආයතනය රටෙහි අනෙකුත් පර්යේෂණ ආයතන සමඟ එක්ව ක්‍රියා කරනු ඇති අතර, ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා මාර්ගෝපදේශයන්ට යටත්ව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කරන කේන්ද්‍රස්ථානයක් වශයෙන්ද කටයුතු කරනු ඇත. ඒ අනුව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සඳහා උසස් පර්යේෂණ හා අධ්‍යාපන සමායෝජන ආයතනයක් (KDU-CARE) ස්ථාපිත කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.