• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන ආයතනයන්හි කාන්තා නියෝජනය ඉහළ නැංවීම
- ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% - 51% අතර ප්‍රමාණයක් කාන්තාවන් වුවද, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතවරියන් වශයෙන් කටයුතු කරන කා‍න්තාවන් සංඛ්‍යාව එම ආයතන සඳහා තෝරා පත් කරගැනෙන මුළු නියෝජිත සංඛ්‍යාවෙන් 5%ක් පමණ වේ. පළාත් පාලන ආයතනවල සහ පළාත් සභාවල නියෝජනයෙන් 25%ක් කාන්තාවන් සඳහා වෙන් කරන බවට පසුගිය ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ලබා දුන් ප්‍රතිඥාව අනුව, පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා 2012 අංක 21 දරන පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.