• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම
- වගකීමෙන් යුතු ධීවර කර්මාන්තයක් උදෙසා ජාත්‍යන්තර මුහුදේ ධිවර කටයුතු සම්බන්ධ නීතී කඩකරන්නන් සම්බන්ධයෙන් දැනට පනවනු ලබන දඩ මුදල් වැඩි කිරීමට හැකි වනු පිණිස 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පන‍තේ අදාළ වගන්ති සංශෝධනය කිරීම පිණිස 2015‑10‑14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, නීතී කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කර ඇති සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.