• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආණමඩුව ඒකාබද්ධ ජල සම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යාධාර
- පුත්තලම දිස්ත්‍රික්කයේ වාසය කරන බහුතරයක් ජනතාව තම පානීය හා අනිකුත් ජල අවශ්‍යතා භූගත ජල මූලාශ්‍ර මඟින් සපුරා ගනු ලබන අතර, සාමාන්‍ය වියළි කාලගුණ තත්ත්වයකදී වුවද උග්‍ර ජල හිඟයකින් පීඩා විඳිති. එසේම මෙම ප්‍රදේශයේ භූගත ජලය අධික ඝනත්වයකින් හා ලවණතාවකින්ද යුක්ත වේ. මෙම තත්ත්වයට පිළියමක් ලෙස දිනකට ඝන මීටර 11,000ක ධාරිතාවකින් යුතු නවීන ජල පවිත්‍රගාරයක් සහ ජල බෙදාහැරීමේ පද්ධතියක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, මෙමඟින් ආණමඩුව, කොටවෙහෙර, නවගත්තේගම, මහකුඹුක්කඩුවෙල, මුන්දලම, ගල්ගමුව, රස්නායකපුර හා පුත්තලම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල වෙසෙන 81,700ක් පමණ වන ජනතාවට සෞඛ්‍යාරක්ෂිත පානීය ජල පහසුකම් අඛණ්ඩව ලබා දීමට හැකිවනු ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මූල්‍යාධාර සපයනු ලබන ස්පාඤ්ඤ රජය සහ ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුව සමඟ වෙන් වෙන්ව ණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.