• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන සමඟ අවබෝධතා ගිවිසුම
- මානව ජනාවාස සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය වන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස (UN-Habitat) වැඩසටහන විසින් උපදේශක සහ අධීක්ෂණ කර්තව්‍යයන්ට අමතරව සාමාජික රටවලට නාගරික පරිපාලනය, නිවාසකරණය, පාරිසරික කළමනාකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය, දරිද්‍රතාව අඩු කිරීම ආදී ක්ෂේත්‍රයන්හි තාක්ෂණික සහාය සැපයීම මඟින් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අන්‍යෝන්‍ය සහයෝගිතාව සඳහා පහසුකම් සැලසීම පිණිස එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන හා ශ්‍රී ලංකාවේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.