• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හදිසි අනතුරු සහ හදිසි සත්කාර ඒකක ඉදි කිරීම
- රජයේ රෝහල්වල හදිසි අනතුරු සහ හදිසි සත්කාර සේවා සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමත කරනු ලැබ ඇත. ඒ අනුව පහත සඳහන් රෝහල්වල හදිසි අනතුරු සහ හදිසි සත්කාර ඒකක කඩිනමින් ඉදි කිරීමට හැකි වන පරිදි අදාළ උපදේශක සේවා කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට පැවරීමටත්, එම ඒකක ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය යටතේ පිහිටුවා ඇති, මධ්‍යම ඉංජි‍ෙන්රු සේවා පුද්ගලික සමාගමට පැවරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* කළුතර දිස්ත්‍රික් මහ රෝහල - රු. මිලියන 468.84
* පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල - රු. මිලියන 467.17
* යාපනය ශික්ෂණ රෝහල - රු. මිලියන 589.82
* කල්මුණේ උතුර මූලික රෝහල - රු. මිලියන 374.22