• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් සහාය සලසනු ලබන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - 2 යටතේ අඹතලේ ජල සම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම සහ බලශක්ති ඉතුරුම් ව්‍යාපෘතිය (AWSSIESP) සහ කොළඹ දිස්ත්‍රික්කයේ නැ‍ඟෙනහිරින් පිහිටි නගර ජල සම්පාදන ව්‍යාපෘතිය (TECDWSP)
- ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනේ 2 වන ව්‍යාපෘතිය යටතේ අඹතලේ ජලසම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම හා බලශක්ති ඉතුරුම් ව්‍යාපෘතිය සහ කොළඹ දිස්ත්‍රික්කයේ නැ‍ඟෙනහිරින් පිහිටි නගර සඳහා වන ජලසම්පාදන ව්‍යාපෘතියට අදාළ සැලසුම් සමාලෝචනය හා ඉදි කිරීම් අධීක්ෂණය පිණිස වන උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.